ලංකාවේ කපුටෝ වගේද ජපානේ කපුටෝ. කන හැටි දැක්කොත් ඔබ පුදුම වේවි. (VIDEO)

By Wayomi Aug 13, 2022 03:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කපුටු කාක් කාක් කාක්... පහුගිය කාලේ හරියට ජනප්‍රිය වුණානේ. ඒ ඇයි කියලා ඔබ ගොඩක් හොඳට දන්න නිසා ඒක මං මෙතන කියන්න යන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කුණු කන, හොරා කන කපුටෝ වුණාට ජපානේ ඉන්න කපුටෝ කන හැටි දැනගත්තෝත් ඔබ පුදුම වේවි.

? පෙනුමෙන් ලංකාවේ වගේම කපුටෝ තමයි ජපානයෙත් ඉන්නේ. හැබැයි මෙයාලට කන්න කෑම නැහැ. මොකද නගර ජනාකීර්ණ වීමත් එක්ක කපුටන්ට කෑම හිඟයි.

? ඒ හින්ද ඔවුන් කොට්ටම්බා, කජු වගේ ඇට ජාති කන්න පුරුදුවෙලා. මිනිස්සුන්ට පුළුවන් වුණාට කපුටා කොහොමද මේ ඇට ජාති කඩා ගන්නේ.?

? ඒ, කපුටෝ කරන්නේ අහස උඩටම ගිහින් ඒවා බිම අත අරිනවා. එහෙම අත හැරියම අර ඇට කැඩෙනවා . ඒත් සමහර ඒවා කැඩෙන්නේ නැහැ. එතකොට ඔන්න කපුටගේ මොළේ පෑදෙනවා. කාලයක් යනකොට උන් පුරුදු වුණා වාහනවල ටයර් යටට දාන්න.පාරට දාලා තිබ්බාම පාරේ යනකොට ටයර් එකට පොඩි වුණාම කපුටට කන්න පුළුවන්.

? කපුටාගේ මොළය ගිගාබයිට්ස් ගානක මොළයක්. හැබැයි ඌ තේරුම් ගන්නවා පාරේ පදික වේදිකාවක් තියෙනවා කියලා. කපුටා කරන වැඩේ, පදික වේදිකාවට දාලා බලන් ඉන්නවා. ඒත් ඌ අර ඇටේ බින්දුණත් යන්නේ නැහැ පාරට. කපුටා පාරට යන්නේ, කලර් ලයිට්ස් මාරු වුණාම. මිනිස්සුන්ට පාර පනින්න සංඥාව ලැබුණාම.

? කපුටාගේ ඒ ගිගා බයිට්ස් තරම් මොළයට තේරුම් ගිය නම් කුසගින්න නිවා ගන්න විදිහ, අපේ මිනිස්සුන්ට බැරි ඇයි, සහනාධාර මත්තෙම නැහිගෙන, හිඟා කකා ජීවත් වෙන්නේ නැතුව ධෛර්යෙන්, කැපවීමෙන් ජීවිතය ගොඩදාගන්න.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW