ජපාන් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
Cricket
Japan
Latest Headlines
Sinhala news
Puwath.lk
By Shehan
ශ්‍රී ලංකාව සමගින් පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) දිවයිනට පැමිණියේය.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා - පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකර තිබේ.
මේ යටතේ ඔවුන් පුහුණු තරග 7කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩාකිරීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වයස 19න් පළාත් සංචිත හතරක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙනු ලැබේ.
මෙම තරගවලින් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹ NCC ක්‍රීඩාංගණයේ දීද පැවැත්වීමට නියමිතය.