මෙරට තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

Ranil Wickremesinghe Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Jul 19, 2024 02:48 AM GMT
Report

ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන්වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබු මෙම ව්‍යාපෘති ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බවයි.

මෙරටට පැමිණි ජපාන ඉහළ පෙළේ දූත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවේදී ඉසුමි හිරොටෝ මහතා මේ බව සදහන්කර ඇත.

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ එක්වී ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බවද ඔහු සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ,කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බවද ජපාන දූත පිරිස මෙහිදි ප්‍රකාශ කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී සඳහන්කර තිබුණේ, පසුගිය රජය විසින් අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවයි.

ජපාන දූත පිරිස විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ, ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි.