ජපානය ශ්‍රී ලංකාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීම ගැන පැතිර යන පුවත සම්බන්ධයෙන්, විශේෂ නිවේදනයක්..!
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
By Sewvandhi
ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහන අවභාවිතය පිළිබඳ පවතින සැකය හේතුවෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානයට නොහැකි යැයි ජපානයේ මෙරට තානාපතිවරයා පැවසූ බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ ජපාන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව කොළඹ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ අදාළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත අද (01) ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |