ලංකාවට සහය දීමට රටවල් දෙකක් එක් වෙයි..! රටවල් දෙකේ අගමැතිවරුන් විශේෂ සාකච්ඡාවක.

Sri Lanka Economic Crisis Sri Lankan political crisis Japan Sri Lanka Relationship India
By Sewvandhi May 27, 2022 09:04 AM GMT
Report

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය හමුවේ සහයෝගය ලබාදීමට ඒකාබද්ධව කටයුතු කිරීම සදහා ඉන්දියාව සහ ජපානය එකඟතාවකට පැමිණ තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ටෝකියෝහීදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ ඇති බවය.

මේ අතර ශ්‍රි ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නාහි පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. 

 එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සමීප මිතුරෙකු ලෙස සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රි ලංකාවට මුල්‍ය ආධාර සහ අත්‍යව්‍යශ ද්‍රව්‍ය සැපයීමට ඉන්දියාව නිරන්තරයෙන් කටයුතු කරන බවය.

මෙරටට ආර්ථික සහය ලබාදීම සදහා ඉන්දීය රජය ජාත්‍යන්තර වේදිකාවන් වල අවශ්‍ය පුර්ණ සහය ලබාදී ඇති බව පෙන්වාදුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය සිවිල් පුද්ගලයින් ද ශ්‍රි ලංකාව වෙත ආධාර සැපයීමට කටයුතු කර ඇති බව සදහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now