ජපන් යන්න සුදානමින් සිටින ඔබ ජපානය ගැන දැනගතම යුතු වැදගත් කරුණු..
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. ජපානය හොන්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත .
ජපන් භාෂාව ලිවීම සඳහා අක්ෂර මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මාලාවන් වෙයි ජපානයේ වැදගත් ස්ථාන ලෙස ෆූජි කඳු වැටිය, ටෝකියෝව, හිරෝෂිමා සහ නාගසාකි හැඳින්විය හැකිය. අඩි 12,388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උසුලයි. ටෝකියෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික නගරය වන අතර අහස සිඹින ගොඩනැගිලිවලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේදජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි නගරයන්හි සටහන් වී ඇත.
ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳින්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙන ජපානය, ශ්‍රී ලංකාවට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි.
1. ආරක්ෂිත ම නගරය
දත්ත විශ්ලේෂණය මගින් පූර්ව කථනය සහ උපදේශනය සිදු කිරීම පිළිබඳ ලෝක ප්‍රකට Economist Intelligence Unit මගින් සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව ලෝකයේ ආරක්ෂිත ම නගර අතරින් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ජපානයේ අගනුවර වන ටෝකියෝ ව යි. ඔවුන් විසින් මෙසේ ආරක්ෂිත ම නගරය තේරීමේ දී ඒ සඳහා ඩිජිටල් ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් සහ පෞද්ගලික ආරක්ෂාව යන නිර්ණායකයන් යොදා ගෙන තිබෙනවා. මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිංගප්පූරුවේ අගනුවර වන සිංගප්පූරුවට හිමි වී ඇති අතර තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ ජපානයේ ඔසාකා නුවර යි.
2. අමු අශ්ව මස් ජපානය තුල ජනප්‍රිය ආහාරයකි.
ජපානය තුල මේවා හඳුන්වනු ලබන්නේ සකුරා, එහෙම නැත්නම්, සකුරානිකු යන නමින්. මෙය ජපානයට අලුත් අත්දැකීමක් නොවන අතර එහි ඉතිහාසය ක්‍රි.ව.1500 ජපානය මුහුණ දුන් ආහාර අර්බුධය තෙක් ඈතට දිව යනවා. අශ්වමස් අනුභවය නැවත ජනප්‍රිය වීම ආරම්භ වී ඇත්තේ වර්ෂ 1960දී පමණයි. ප්‍රවාහන සහ ගොවිතැන් ක්‍රම වල දියුණුවත් සමඟම ඒ සඳහා භාවිතා කළ අශ්වයන් ප්‍රයෝජන රහිත වුණා. එයට පිලියමක් ලෙස අශ්ව මස් අනුභවය නැවත හඳුන්වා දුන් අතර එය මේවන විට ඉතා ජනප්‍රිය ජපන් ආහාරයක්. ඉතා ප්‍රියමනාප රෝස පැහැයකින් යුතු වන මෙම අශ්ව මස් අඹරන ලද ඉඟුරු, ළූණු, සෝයා සෝස් සමඟ ආහාරයට ගැනීමට ඔවුන් දැඩි රුචිකත්වයක් දක්වනු ලබනවා.
3. ජපානයේ ගිනි කඳු 200 ක් පමණ පිහිටා තිබෙනවා
මෙම රටෙන් 70%ක් කඳු වෙනවා. ගිනි කඳු 200ක් ඒ අතර පවතිනවා. සක්‍රිය ගිනි කන්දක් වන ෆුජි ගිනි කන්ද උසින් මීටර 3,776ක් වෙනවා. රටේ දිගම ගඟ ශිනානෝ වන අතර එය කිලෝමීටර 367ක දිගින් යුතු වෙනවා. නැවුම් ජලය සහිත විශාලම වැව බිවා වන අතර ඒ වර්ග කිලෝමීටර 670ක් පුරා පැතිර තිබෙනවා.
4. සියදිවි නසාගැනීම් අතින් ඉහලින්ම සිටින රටක්
ජපානය සලකණු ලබන්නේ ඉතාමත් ධනවත් රටක් ලෙසයි. නමුත් ලෝකයේ සියදිවි නසාගැනීමේ අගය ඉහළින්ම පවතින් රටක් ලෙසත් ජපානය සැලකෙනවා. වසරකට 30,000කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සියදිවි නසා ගන්නවා. එම අගය ජපනුන් 100,000කට 24.4 ක් පමණ වනවා. මෙය ජපානයේ පවතින ප්රබලතම ගැටළු වලින් එකක්. මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 -34 කාන්තාවන් හා වයස අවුරුදු 20 – 44 වයස් වලට පිරිමින්. මෙයට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ රැකියා විරහිත භාවයයි. ඊට අමතර හේතූන් ලෙස විෂාදය, හා ආර්ථික ගැටලු නම් කෙරෙනවා. නමුත් මෙසේ රැකියා ගැටළු නිසා මියයන බොහෝ දෙනෙකු උපාධිධාරීන් ද වෙනවා
5. පොඩ්ඩන්ට පොදු උපන් දිනයක්
ජපන් පොඩිත්තන්ගේ මනා වැඩීම වෙනුවෙන් පවත්වනු ලබන සාම්ප්‍රදායික ආගමික උත්සවයක්. සෑම වසරක ම නොවැම්බර් 15 වැනි දින මෙය සමරනු ලබන්නේ අවුරුදු තුන සහ හත වයස් හි පසු වෙන දැරියන් සහ අවුරුදු තුන සහ පහ වයස් හි පසු වෙන දරුවන් උදෙසා යි. ජපානයේ ඇති සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව ඔත්තේ සංඛ්‍යාවන් හි මායාවී බලයන් ගැබ් වී ඇති අතර වයස අවුරුදු තුන, පහ සහ හත, දරුවෙකුගේ වැඩීම සඳහා ඉතා තීරණාත්මක බව ඔවුන් විශ්වාස කරනවා.
6. ජපානයේ භූමියෙන් 70% ක් කඳු වලින් සමන්විතය.
ජපානය සෑදී අත්තේ දූපත් 6,852 ක එකතුවෙන් වෙනවා. නමුත් රටේ ප්‍රධාන භූමියෙන් 97%ක් දුපත් හතරක් මගීන් ආවරණය වන අතර ඒවා හොන්ශු, කියුශු, ශිකොකු, හා හොකයිඩෝ වෙනවා. රටෙන් 4/5 කඳු, වනාන්තර, හෝ වාසයට නුසුදුසු භූමි වන අතර එම නිසා රට ජනාවාස කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් වී තිබෙනවා.
7. නම් නැති විදී ඇති රටක්
ජපානයේ පවතින බොහෝ විදී හා මාර්ගයන්ට නම් නැහැ. ඔවුන් තමන්ගේ ලිපිනය පැවසීමට ඔවුන්ටම විශේෂිත වූ මාර්ග පැවසීමේ ක්‍රමයක් භාවිතා කරනු ලබනවා.ඒ “බ්ලොක් අංක” මගින් තමන් සිටින ස්ථානය දැන්වීමයි. ජපානයේ පවතින ගොඩනැගිලි බ්ලොක් වලට එයටම අදාළ වූ අංකයක් පවතින අතර මේවා ලිපිනය ලෙස ඔවුන් භාවිතා කරනවා. ඔබ ජපන් ජාතිකයෙකුගෙන් මාර්ගය ඇසූ විට ඔහු වීදියක නමක් වෙනුවට ඔබට දෙනු ඇත්තේ බ්ලොක් අංකයක්. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි විදේශිකයින් සලකන්නේ. නමුත් ජපනුන් පවසන්නේ එමගින් ඉතා ඉක්මනින් පුද්ගලයෙකු සිටින තැන හඳුනාගත හැකි බවයි. මෙහි ඇති තවත් පහසුවක් වන්නේ ඔබ නමක් වෙනුවට මතක තබා ගත යුතු වන්නේ අංකයක් පමණක් වීමයි.
8. රථ වාහන නිර්මාණයේ ස්වර්ණමය නාමයක්
ජපානය ලොව දැනට විශාලත්වයෙන් තුන්වන තැන ගන්නා වාහන නිෂ්පාදකයා වෙනවා. එමෙන්ම ලොව ඇති විශාලතම වාහන නිෂ්පාදන සමාගම් 10 න් 6ක්ම ජපානයේ පිහිටා තිබෙනවා. ලොව පිළිගත් වාහන සන්නාමයන් වන Toyota, Honda, Nissan, Suzuki, Mitsubishi, Mazda, Lexus, Infiniti, Acura, Datsun, Hino, Daihatsu, Isuzu, සහ Subaru වැනි වාහන උපත ලබන්නේ ජපානයේයි. පසුගිය වසර 100 තුල ජපාන රථ වාහන නිර්මාණ සමාගම් පවතින තාක්ෂනය යටතේ නිර්මාණය කළ හැකි සුපිරිතම වාහන රැසක් නිර්මාණය කර තිබෙනවා. රොබෝ තාක්ෂනය රථ වාහන නිපදවීම වෙනුවෙන් මුලින්ම යොදාගත් රට ලෙස සලකණු ලබන්නේ ජපානයයි. ඒවාගේම හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රොනික වාහන නිර්මාණයේ පුරෝගාමියෙකු ලෙසත් ජපානය සලකණු ලබනවා. ඉහළ තාක්ෂණයකින් යුතුව ඉතා විශ්වාසවන්තව අඩු පිරිවැයකින් රථ වාහන නිර්මාණය කරන රටක් ලෙසත් ජපානයට ඇත්තේ විශාල පිළිගැනීමක්.
9. ආහාර කැටයම් පැවතීම.
ජපනය පුරා පැතිර ගිය තවත් අපූරු කලාවක් තමයි, Mukimono හෙවත් ආහාර කැටයම් කිරීම. නැවුම් එළවළු සහ පලතුරු අලෙවි කරන වෙළඳසැල්වල දී මෙසේ කැටයම් කරන ලද ආහාර දක්නට ලැබෙන අතර එක් එක් ප්‍රදේශ සඳහා එයට ම ආවේණික ආහාර කැටයම් රටාවන් පවතිනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |