මෙරට ප්‍රධානතම සමාගමක අධ්‍යක්ෂවරයෙකු පැහැර ගෙන ගොස් කනත්තේ දමායයි..! කනත්තේ සිටි කම්කරුවා දැක්ක දේ..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sithumi Dec 15, 2022 05:02 PM GMT
Report

ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක සභාපතිවරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාව එලෙස පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය වෙතට රැගෙනගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබූ බවය.

එලෙස සභාපතිවරයා ඊයේ (14) දහවල් කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් තිබුණි. ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ මද වේලාවකින් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබී ඇත.

දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ. ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත.

ඔහු පැමිණ කළ සොයා බැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු දැක තිබෙන බව ඔහු පොලීසිය හමුවේ පවසා ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඒ මොහොතේම වහා ක්‍රියාත්මක වී ඇති විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ ද සහාය ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ

. සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සභාපතිවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ය. 

 සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියය

.ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය. (උපුටා ගැනීමක් )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now