රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..

Power cut Sri Lanka Ceylon Electricity Board Public Utilities Commission of Sri Lanka Janaka Ratnayake
By Aruna Dec 10, 2023 12:21 AM GMT
Report

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (10) දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ, ඊයේ දිනයේ දී සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඔහු විසින් විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්.. | Janaka Tells About The Reason For The Power Cut

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළේ, යෝජිත විදුලිබල පනත් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ලබන 13 වනදා වන අතර, කෙසේ වෙතත් ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ මුද්‍රණ දෝෂ 42ක් අමාත්‍යාංශය විසින් අනාවරණය කර ගත් බවයි ඔහු අවධාරණය කළේ.

මෙම දෝෂ නීතිපතිවරයා වෙත යොමු කරන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කළේ ය.

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්.. | Janaka Tells About The Reason For The Power Cut

මේ අතර, අමාත්‍යවරයා කියා සිටියේ, 2024 ජනවාරි මාසයේදී තවත් විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන් ම පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කළේ, පවතින තත්ත්වය හමුවේ විදුලිය ගාස්තු වහාම අඩු කළ යුතු බවයි.

මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කිරීම නිවැරදි නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

මෙම වසරේ වියදම රුපියල් බිලියන 575ත් වනු ඇති බවට තමන් පුරෝකථනය කර ඇති බවයි හෙතෙම කියා සිටියේ.

ඒ අනුව කළ ගාස්තු වැඩිවීමෙන් පාරිභෝගිකයන් විදුලි ඒකකයකට රුපියල් 50 ක් ගෙවීම හේතුවෙන් මණ්ඩලය විශාල ලාභයක් ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම වසරේ ගත වූ මාස 11යේ විදුලිබල මණ්ඩලයේ වියදම රුපියල් බිලියන 540ක්.

ඒ අනුව, මෙම මාසයට තවත් රුපියල් බිලියන 38ක් එකතු වනු ඇති.

ජනක රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදුලි ගාස්තුව ඉහළ දැමූ අවස්ථාවේ දී සිය ඇස්තමේන්තුවට අවදානය යොමු කළේ නම් ජනතාවට සහ ආර්ථිකයට වර්තමාන හානියට මුහුණ දීමට සිදුනොවන බවයි.