"ඇම්බියුලන්ස් එකේ නෙවෙයි ඕකාව ගේන්න තිබ්බේ මිනී පෙට්ටියේ".. ජැක්සන්ගේ අනතුර ගැන පළමු පෙම්වතියකගෙන් හෙළිදරව්වක්..

Sri Lanka Accident Jackson Anthony
By Aruna Jul 08, 2022 08:10 AM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පසුගිය දිනෙක මාරාන්තික අනතුරකට මුහුණ පෑ අතර, මේ වන විටත් ජැක්සන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි සිටින්නේ.

සැත්කමෙන් අනතුරව ජැක්සන් සුවෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජැක්සන්ට තදබල ලෙස සමාජ මාධ්‍ය තුළින් විරෝධයක් මතු වූ අයුරු ඔබත් දකින්න ඇති.

එවන් මොහොතක ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජැක්සන්ගේ තතු මෙසේ හෙළිදරව් කළා. ඔබ ජැක්සන් අයියා සමඟ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්.

ඒ වගේම ඔබ තොරතුරුත් හොයලා තියෙනවා..? ඔව් මම ගොඩක් හෙව්වා.

ඒ වගේම මට ඒ ආරංචිය දුන්නෙ මගේ නංගි. රෑ එකොළහා හමාරට විතර. මම රෙණුකා අක්කට කතා කළා.

එකපාරම මට මතක් වූණේ ෂූටින් කියන එක. රේණුකා අක්කට කතා කරගන්නත් බෑ වෙව්ලනවා. නංගි බලන්න අපිට වෙච්ච දේ, ෆිල්ම් එකේ නයිට් ෂූට් තිබිලා තියෙන්නෙ.

ඔය පැතිවල රෑට එනකොට අලින්ගෙන් ප්‍රශ්න තියෙනවා. සෝමේ අයියා ලොකු වියදමක් කරලා කරන නිර්මාණයක්.

කලාකරුවෝ නිර්මාණයකදී තමන්ට මුල් තැන දෙන් නෑ. තමන් කරන නිර්මාණයට තමා තැන දෙන්නෙ. ඔය වගේ මහන්සි වෙලා තමයි එන්න ඇත්තේ. අනතුර වුණ විදිහ..?

කුමාරි අක්කට මම කතා කළා.

යශෝධටත් කතා කළා. යශෝධා හරියට ඇඬුවා. එයා කිව්වෙත් බලන්න නිල්මිණි, ජැක්සන් අයියට ෆේස්බුක් වලින් බැනලා දාලා තියෙන විදිහ කියලා.

ඇත්තටම ඉතින් දුකයි. ඕනම මනුස්සයෙකුට ඔය වැනි කරදරයක් වුණා ම අපහාස කරන එක හොඳ දෙයක් නෙවෙයි. මැරුණා නම් හොඳයි.. ඕක වෙලා මදි...

වගේ කමෙන්ට්ස් දාලා තියෙන්නෙ..? ඔබ කලාකාරිනියක් විදිහට මොකද හිතෙන්නේ..?

මම නම් අනුමත කරන් නෑ. අපේ ජාතිය ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරපු ජාතියක්. අනවශ්‍ය දේශපාලනයක් නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න හොඳ නෑ.

අනතුරට ලක්වෙච්ච මනුස්සයා තමයි වේදනාව විඳින්නේ. මම දැක්කා, ඇම්බිලන්ස් එකේ නෙවෙයි ඕකාව ගේන්න තිබ්බේ මිනී පෙට්ටියේ කියලා.

දීර්ඝායූෂ වැඩිවෙයි ඕවා කියනකොට. එහෙම ලියපු අය ගැන මම කණගාටු වෙනවා.

කවදාවත් එහෙම කරන්න එපා... ජැක්සන් කියන්නෙ ලංකාවේ ප්‍රබල කලාකරුවෙක්. මගේ ටෙලි නාට්‍යයේ පළමු පෙම්වතා.

ඉතාමත් හොඳ සහෝදරයෙක්. ගොඩක් තැන්වල අපිට තාත්තා කෙනෙක් වගේ.

පවතින දේශපාලනය නෙවෙයි ද මේ අපහාස වලට හේතුව..?

පුද්ගලයෙක්ට තමන් කැමති පක්ෂයකට උදව් කරන්න අයිතිය තියෙනවා. ඒක ෆේල් වුණොත් උදව් කරපු කවුරුත් පළි වෙන් නෑ.

ඔය හැට නම ලක්ෂෙටම බැනලා ගහලා මරලා දාන්න වෙයි. එවැනි දේවල් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.

මේ වගේ අවස්ථාවක වැටිලා ඉන්න වෙලාවේදී එතුමව බේරගන්න එක වචනයකින් හරි පුලුවන් නම් ඒක තමයි හොඳම දේ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now