මංගල දිනයේදීම සුප්‍රසිද්ධ ගායකයෙක් ජීවිතය හැරයයි..!

United States of America
By Sewvandhi Dec 07, 2022 04:56 PM GMT
Report

ඇමරිකාවේ නැගී එන ගායකයෙකු ලෙස සැලකෙන 'ජේක් ෆිලින්ට්' සිය විවාහයෙන් පැය කිහිපයකට පසුව මියගිය ගොස් තිබෙනවා.

37 හැවිරිදි ඇමරිකානු ජාතික සංගීතඥයකු වන ඔහු නිදි ඇඳේදීම හදිසියේ මියගිය බවයි ඔහුගේ කළමනාකරු බ්‍රෙන්ඩා ක්ලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටින්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆිලින්ට්ගේ නව බිරිඳ පවසා සිටියේ තමා එකම දිනක මනාලියක් හා වැන්දඹුවක් වීම සිතාගත නොහැකි යනුවෙනි.

කෙසේ වෙතත් මෙම මෙම ගායකයාගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now