කොන්ත්‍රාත් ගෙන මිනීමරණ අයෙකු නිසා ඉන්දියාවේ චිත්‍රපටයක් උණුසුම් වෙයි..

Cinema Lead Indian Actress Jailer Indian 2 IPL 2023
By Aruna Aug 29, 2023 01:39 AM GMT
Report

සිනමා පටයකට අධිකරණ නියෝගයක් දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා නිර්මාණය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ එම Jailer සිනමාපටයට එරෙහිව අධිකරණයක් ලබාදුන් විශේෂ නියෝගයක් හේතුවෙනුයි. අදාළ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින, කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටී.

එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ එම රූපරාමු සකස්කරන ලෙසටයි.

මේ අතර, එම චිත්‍රපට සමාගම විසින් අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් කළ නියෝගය අනුව සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවයි.

එසේම Jailer සිනමාපටය මේ වනවිටත් ඉන්දීය සිනමාවේ ආදායම් වාර්තා බිඳදමා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අනුව, ලොවපුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර මේ වනවිට Jailer සිනමාපටය ලෝකය පුරා ප්‍රදර්ශනය හරහා උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න බවටයි තොරතුරු වාර්තාවන්නේ.