ජයිකා නිලධාරීන් සහ විදුලිබල ඇමති සාකච්ඡාවක

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Aug 18, 2023 01:33 PM GMT
Report

 විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපාන ජ්‍යාතන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නිලධාරින් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (18) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම අමාත්‍යංශය සඳහන් කලේ ජපාන ජ්‍යාතන්තර සහයෝගිතා ඒජන්සියේ මුල්‍ය සංවර්ධන සහ සහයෝගිතා සම්බන්ධතා කටයුතු පිලිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා ඇතුළු නිලධාරින් පිරිසක් මේ සඳහා එක්ව සිටි බවයි.

මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධන සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.