හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වෙයි

A P Jagath Pushpakumara Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 19, 2026 09:37 AM GMT
Report

හිටපු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන ඩේශානී ගුණරත්න මහත්මිය වයස අවුරුදු 55දී අභාවප්‍රාප්ත වී තිබේ.

දෙදරු මවක වූ ඇය තණමල්විල පිහිටි සිය නිවසේ දෙවන මහලෙන් බිමට වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් වේ.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 21 වැනිදා පස්වරු 5.00ට වැල්ලවාය ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.