සලේ වෙනුවෙන් පිටකොටුවේ ව‍ාඩි වුන අය තව දවස් දෙක තුනක් ඔතන වාඩිවෙලා හිටියා නම් දුවනකල් ගුටි කනවා - ජගත් මණුවර්ණ

Latest Headlines Sinhala news Jagath Manuwarna Suresh Salley
By Mithu Jun 11, 2026 05:09 AM GMT
Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා දීර්ඝ කාලයක් තිස්සේ නීත්‍යානුකූල රැඳවුම් නියෝග මත පසුවෙද්දී මෙතෙක් කිසිදු ශබ්දයක් හෝ ප්‍රකාශයක් නොමැතිව නිහඬව බලා සිටි ඇතැම් දේශපාලන පිරිස්වල රහසිගත කෙඳිරිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය මඟින් දැඩි විදෙස් ගමන් තහනමක් පැනවීමත් සමඟ මේ වන විට මහා අදෝනාවක් බවට පත් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

අධිකරණය විසින් ගනු ලැබූ මෙම විශේෂ නීතිමය සිදුවීමත් සමඟ මෙතෙක් කිසිදු හාවක් හූවක් නැතුව නිහඬව සිටි විපක්ෂයේ ඇතැම් හිටපු දේශපාලනඥයන් පිරිසක් පිටකොටුවේදී තක්කඩියන් පිරිසක් සමඟ එක්ව මහජනතාව මුලා කිරීමේ අරමුණින් ව්‍යාජ සත්‍යග්‍රහයක වාඩි වීමට කටයුතු කළ බවත්, එහි දවස් දෙකක් තුනක් අඛණ්ඩව රැඳී සිටීමට උත්සාහ කරන විට සාමාන්‍ය ජනතාවගෙන් ඔවුන් වෙත දැඩි විරෝධතා එල්ල වූ බවත් අද 10 වැනිදා ජාතික පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද සවස් කාලය වන විට එම පිරිස දැඩි ලැජ්ජාවට පත්ව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ ව්‍යාජ විරෝධතාවෙන් වහාම නැඟිට පලා ගොස් ඇති බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, තවත් දවසක් හෝ දෙකක් ඔවුන් මහජනතාව කුපිත කරවමින් එතැන රැඳී සිටියේ නම්, අනිවාර්යයෙන්ම ඔවුන්ට කුපිත වූ සාමාන්‍ය මිනිසුන්ගෙන් දැඩි ලෙස ගුටි කෑමට පවා සිදුවන බව මඟ හැරිය නොහැකි සත්‍යයක් යැයි පාර්ලිමේන්තු සභා ගර්භයේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.