CID යට ගිය මහජන ආරක්ෂක ලේකම් හදිසියේම ඉල්ලා අස්වෙයි..! ලිපිය බාර දෙයි

CID - Sri Lanka Police Sri Lanka Ministry of Defense Sri Lanka
By Sithumi May 23, 2022 12:00 PM GMT
Report

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා

. ඒ අද උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය නවයකට ආසන්න කාලයක් ලබා දුන් දීර්ඝ ප්‍රකාශයකින් අනතුරුව යි.

පසුගිය 9 වැනි දා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස දීර්ඝව කරුණු විමසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ, එම ප්‍රහාරය වැලැක්වීම සඳහා තමන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගවලට අමාත්‍යාංශ ලේකම්වරයා හරස් කැපූ බවයි.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වනවා

. ඒ බොහොමයක සඳහන් වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් ජනරාල්වරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදු කරන ලද යම් යම් ප්‍රකාශ හේතුවෙන් ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now