මගීන් සමග සිදු වූ ගැටුමෙන් දුම්රිය නියාමකවරයෙකු අවසන් ගමන් යයි..(VIDEO)

Jaffna Sri Lanka Department of Railways
By Sewvandhi Jul 23, 2022 09:39 AM GMT
Report

ධාවනයවෙමින් පැවති දුම්රියක් තුළ ඇතිවූ ගැටුමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් පිටතට ඇද වැටී අනතුරකට ලක්වී මියගොස් තිබේ.

කොළඹ කොටුව සිට යාපනය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තුළ මෙම සිද්ධිය ඇතිවී තිබේ. එම දුම්රියේ පිරිසක් මත්පැන් පානය කරමින් ගමන් කර ඇති අතර ඔවුන් එහි රැඳීසිටි අනෙක් මගීන් සමග ද බහින්බස්වීමක් ඇති කරගෙන තිබූ බව වාර්තා විය.

පසුව ඔවුන් දුම්රියේ ආරක්ෂක නියාමකවරුන් සමග ද බහින්බස්වීමක් ඇති කරගෙන තිබූ අතර එය දුරදිගයෑමෙන් ගැටුමක් හටගෙන ඇත.

එම ගැටුමෙන් එක් ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් පිටතට ඇද වැටී මියගොස් තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now