ජැකලින් ෆර්නැන්ඩස් යළි දිල්ලි පොලිසියට කැඳවයි.

By Wayomi Sep 19, 2022 11:08 AM GMT
Report

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් අද දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

එලෙස ඇයව දිල්ලි පොලිසියට කැඳවා ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා දිනයේදී ද ජැක්ලින්ගෙන් දිල්ලි පොලිසිය පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීමට ලක් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW