බීමත් රියදුරෙක් කළ දෙයක් - හිටපු ජනාධිපති රිය අනතුරකට ලක් වෙයි.. (PHOTOS)

Accident South Africa Latest Headlines
By krishani Mar 29, 2024 04:26 PM GMT
Report

බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා ගමන් ගත් මෝටර් රථයේ ගැටී තිබෙනවා.

බීමත් රියදුරෙක් කළ දෙයක් - හිටපු ජනාධිපති රිය අනතුරකට ලක් වෙයි.. (PHOTOS) | Jacob Zuma Gets Into A Car Accident

එම සිදු වු අනතුරින් ඔහුට අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ සවස 81 හැවිරිදි සූමා KwaZulu-Natal ප්‍රදේශයේ දී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

බීමත් රියදුරෙක් කළ දෙයක් - හිටපු ජනාධිපති රිය අනතුරකට ලක් වෙයි.. (PHOTOS) | Jacob Zuma Gets Into A Car Accident

එයින් ඔහු හෝ ඔහුගේ ආරක්ෂකයින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුවද එය කිසියම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවට හිටපු ජනපතිවරයා අයත් පක්ෂ‍යේ නියෝජිතයින් චෝදනා කර ඇත.