ජැක්සන්ට සුවය පතා පිරිසක් සිදු කල විශේෂ කන්නලව්ව

Sri Lanka Actors Sri Lankan Actor Jackson Anthony
By Sewvandhi Aug 06, 2022 04:08 PM GMT
Report

හදිසි අනතුරෙන් ප්‍රතිකාර ලබන ජේෂ්ඨ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පින්කමක් හා ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා දේව කන්නලව්වක් කොළඹ විශ්වවිද්‍යාලය 83 84 ආදී මිතුරන් සහ කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ දී අද (6) කන්ද විහාරයේ දී පැවැත්විණ.

අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති සහ ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජැක්සන් ඇන්තනී මහතාගේ මිතුරන් හා කලා ශිල්පීන් මෙම පුණ්‍යානුමෝදනා පින්කම ඒ මහතාට සෙත්පතා ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ දී සිදුකළහ. ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ හා පුත්‍රයාද මෙම පින්කම් සඳහා එක්වී සිටියහ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now