අධික ලෙස ඉහළ ගිය කොස් මඤ්ඤොක්කා සහ බතල මිල..
Jack Fruit
By Sewvandhi
හැටන් නගරයේ මඤ්ඤොක්කා , බතල සහ කොස් මදුළු මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙනවා.
මේ දිනවල එළවළු තොග සහ සිල්ලර අලෙවි කරන හැටන් නගරයේ වෙළෙඳ සැල්වල මඤ්ඤොක්කා කිලෝවක් රු 200 කටත් , බතල කිලෝවක් රු 160 ටත් , කොස් මදුළු කිලෝවක් රු 200 වැනි මිලකට අලෙවි කරනු ලබනවා.
වෙලදපොලේ එලවළු මිල ඉහල යාම හමුවේ මඤ්ඤොක්කා , බතල සහ කොස් වලට ඇති ඉල්ලුම ඉහල යාම හමුවේ , ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මඤ්ඤොක්කා, බතල සහ කොස් වල මිල ඉහල ගොස් ඇති බවයි එලවළු වෙළෙඳුන් කියා සිටියේ.
මඤ්ඤොක්කා , බතල සහ කොස් වල මිල මෙලෙස අධික ලෙස ඉහල ගිය ප්රථම අවස්තාව මෙය බවයි හැටන් ප්රදේශයේ පාරිභෝගිකයන් කියා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |