කොස් කොත්තු කෑවට "කොස් ඉඳි ආප්ප" කාලා නෑනේ.
මේ දවස් වල කොස් වලින් කොත්තුයි අනං මනං කෑම ජාති හදන්න කියලා දෙනවා. ඔන්න අදත් කියන්න යන්නේ කොස් ඉදිආප්ප recipe එකක් හදාගන්න විදිහ ගැනයි. හැමදාම කන ඉඳි ආප්ප එකට වඩා පොඩි වෙනසක් තියේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
🍝️ කොස් පිටි කෝප්ප 1/3
🍝️ හාල්පිටි කෝප්ප 2/3
🍝️ උණු වතුර කෝප්ප 1½
🍝️ අවශ්‍ය ප්‍රමාණයට ලුණු
සාදාගන්න ආකාරය
🍝️ ලුණු සමඟ කොස් පිටි හා සහල් පිටි එකට අනාගන්න.
🍝️ ක්‍රමානුකුලව උණුජලය පිටි මිශ්‍රණය සමඟ එක් කරමින් අනාගන්න.
🍝️ සිනිඳු හා මෘදු පිටි ගුලියක් ලබා ගන්නා තුරු හොඳින් අනාගන්න.
🍝️ ඇනූ පිටි ගුලිය ඉතා තද නොවිය යුතු අතර එය ඇලෙන සුළු නොවිය යුතුයි.
🍝️ පිටි ගුලියෙහි කුඩා කොටස් ඉදිආප්ප වංගෙඩියට පුරවාගන්න .
🍝️- ඉදිආප්ප තට්ටු තෙල් ගා සූදානම් කරගන්න.
🍝️- ඉදිආප්ප තට්ටු මතට ඉදිආප්ප වක්කරන්න.
🍝️ දැන් තම්බාගන්න.
කොස් පිටි හදාගන්න විදිහ
🟨- පැසුණු කොස් සිහින්ව දිගටි හෝ රවුම් ලෙස කපා ගන්න.
🟨 උණු වතුරේ විනාඩි 1
🟨 2 ක් පමණ ගිල්වන්න.
🟨 ඒ ක්‍ෂණිකව ඇල් ජලයේ ගිල්වන්න.
🟨 ජලය බේරෙන්නට හරින්න.
🟨 ඉන්පසු අවන් එකේ දාලා සෙන්ටිග්‍රේට් අංශක 50 - 55 ක උෂ්ණත්වයේ වියළා ගන්න.
🟨 වියළා ගත් ටික බෙලෙන්ඩර් එකකින් හොඳින් කොටා ගන්න.
* කොස් ඇට වලින් වුණත් පිටි හදාගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |