කොස් තොසේ රෙසිපි

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 12, 2022 07:27 AM GMT
Report

කොස් හරියට අපේ ජාතික ආහාරයක් වගේනේ. එක එක විදිහට හදන්න පුළුවන් කෑම ජාති වල රෙසිපිස් අපි ලබාදෙනවා. ඉතින් අදත් මේ ලෑස්ති වෙන්නේ කොස් වලින් තොසේ හදන විදිහ ගැන කියලා දෙන්නයි.

අවශ්‍ය ද්‍රව්‍ය

? හීනියට ලියාගත් කොස් මදුළු 20

? පාන්පිටි 100g

? ලොකු ළූණු ගෙඩි 1

?කුඩා කෑලි වලට කපාගත් වේලිච්ච මිරිස් කරල් 3-4

? චොප් කරගත් සුදු ළූණු බික් 2

? හීනියට ලියාගත් කරපිංච ඉති 2

? ගම්මිරිස් කුඩු තේ හැදි 1

? කොච්චි කරල් 2-4

? බිත්තර 2

? පොල් බෑයක මිටිකිරි සහ දියකිරි

? පොල්තෙල්

? ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්න ආකාරය

? කොස්, මිටිකිරි, ලොකු ළූණු, කොච්චි එකට දාල බ්ලෙන්ඩර් කරගන්න.

? පෑන් එකකට තෙල් දාල රත්වෙනකොට සුදු ළූණු, කපපු මිරිස් කරල්, කරපිංච බැදල කොස් බැටර් එකට දාන්න.

? කොස් බැටර් එකටම බිත්තර, ගම්මිරිස්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න.

? බෝල් එකකට පිටි, දියකිරි, දාලා හොඳින් දිය කරල ඒකත් කොස් බැටර් එකට දාල තික් බැටර් එකක් හදා ගන්න.

? මේක පෑන් එකකට දාලා තොසේ හදාගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW