කාලා අයින් කරන කොස් ඇට වලින් කළුපොල් මාළුව හදමු..
බත් ගහ කියලා ගොඩක් ලෙන්ගතු වචනයක් දීලා අපේ මිනිස්සු ඒ කාලේ ඉඳලම ගොඩක් ප්‍රයෝජන ගත්තු ගහක් තමයි කොස් ගහ. කොස් වලින් අපිට කෑමට හදාගන්න පුළුවන් විවිධාකාර කෑම තියනවා. දැන් අලුත් පරම්පරාවෙ අයට රසට කොස් මාළුවක් උයාගන්න බැරි නිසා අද අපි කියන්න යන්නේ කාලා අයින් කරන කොස් ඇට වලිනුත් රසම රස කෑමක් හදා ගන්න විදිය ගැනයි මෙන්න
අවශ්‍ය දුව්‍ය-
- කොස් ඇට කෝප්ප 2
- බැදගත් කැකුළු හාල් කෝප්ප 1
- සියඹලා යුෂ ස්වල්පයක්
- සුදුළූණු
- අබ ස්වල්පයක්
- කපාගත් අමුමිරිස්
- කරපිංචා ස්වල්පයක්
- වියළි මිරිස් කරල්
- ලුණු රස අනුව
- මිරිස්කුඩු තේ හැඳි 2
- කබලෙ බැදගත් මිරිස්කුඩු
- අමු තුනපහකුඩු
- කබලෙ බැදගත් පොල් මේස හැඳි 3
- කුරුඳු පොතු ස්වල්පයක්
- ගම්මිරිස්කුඩු
සාදන අයුරු-
මුලින්ම වතුර වලට සියඹලා යුෂ එක්කර කොස් ඇට හොඳට තම්බගන්න.
දැන් මේ ටික ලාවට පොඩිකර ගන්න.
කබලෙ බැදගත් පොල් හා හාල් වලට සුදුළූණු, ළූණු, ගම්මිරිස්කුඩු, ලුණු, කරපිංචා, කුරුඳු පොතු, අබ දාලා අඹරගන්න.
භාජනයකට පොල්කිරි ටික දාලා මේ අඹරාගත් පොල් එකතු කරල කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු එකතු කරන්න.
දැන් කොස් ඇට ටික දාලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා කපාගත් වියළි මිරිස් එකතු කර ලිපේ තියලා මදගින්නෙ උතුරවගන්න.
අන්තිමට බැදපු මිරිස්කුඩු ටික උඩින් ඉසගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |