රුපියල් 45,000 ඉක්මවූ කොස් ගෙඩිය.. කොස් තියෙන අයට සුපිරි අවස්ථාවක්!!(PHOTO)

Business World market Jack price
By Aruna Feb 23, 2022 11:34 PM GMT
Report

ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් පවුම් 160ක මිලකට අලෙවි වී තිබෙනවා.

එනම් මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 45,000ක් වැනි අධික මිලකට විකිණීමට තබා ඇති අයුරු විදෙස් මාධ්‍යවේදියෙකු සිය ට්විටර් ගිණුමකට එක්කර තිබුණා.

මෙසේ රුපියල් 45000 කට කොස් ගෙඩියක් විකිණීමට තබා ඇත්තේ බි‍්‍රතාන්‍ය යේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළය.

ට්වීටර් පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් මින් විමතියට පත් වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිවර්තන කලාප රටවල සිටින පුද්ගලයන් කොස් විකුණා බිලියන පතියන් වීමේ අදහසින් බි‍්‍රතන්‍ය යට පැමිණෙනු ඇති බවයි.

බොහෝ රටවල ගස්වල තිබෙන කොස් ගෙඩි අපතේ යන විට බි‍්‍රතාන්‍ය යේ කොස් ගෙඩියක් මෙතරම් මිලකට අලෙවි වන්නේ ඇයිදැයි ට්විටර් පරිශීලකයන් ප‍්‍රශ්න කරයි.

මුදල් නොගෙවා ගස්වලින් පලතුරු නොමිලයේ ගත හැකි තැන් බොහෝ ඇත, නමුත් අවම වශයෙන් බ්‍රසීලයේ බොහෝ පලතුරු වීදිවල කුණු වේ.

එසේ නම් ඇතැම් දේශීය පාරිභෝගිකයින්ට නොතේරෙන තනි පලතුරක මිල මෙතරම් ඉහළ යාමට හේතුව සහ පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමට හේතුවට විශේෂඥයින් පවසන්නේ එක්සත් රාජධානිය ඇතුළු සීතල රටවල කොස් වාණිජ පදනමින් වගා කළ නොහැකි බවත් ඇතැම් කාලවලදී පමණක් ලබා ගත හැකි වීම සහ එහි විශාල බර සහ ප්‍රමාණය විය හැකි බවයි

එය පහත ඡායාරූපයෙන් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery