කොත්තු කන්න ආසද.. කොත්තු ගනන් කාලේ අතේ ඇති මුදලට හිතේ හැටියට කන්න මෙන්න කොස් කොත්තු...

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha May 31, 2022 05:23 AM GMT
Subodha

Subodha

in රචනා
Report

කොත්තු කියන්නේ. ලංකාවෙ අපිට දැන් නම් අලුත් දෙයක් නොවන තරම්.කොත්තු හැදෙන්න මුල් වුණේ කපාපු ගෝදම්බ රොටි වුණාට අපේ කුක්ස්ලගෙ එකඑක සෙයා ගැනීම් නිසා අද වෙද්දි ඉඳි ආප්ප, නූඩ්ල්ස් වගේ දේවල් දාලාත් කොත්තු හදනවා.එක එක රසවලට ගහන කොත්තු ගැනත් ඔයාලා දන්නවනේ. කඩෙන් ගන්න කොත්තුවට වඩා රසවත්ව වගේම ගුණවත්ව පිරිසිදුව ගෙදරම හදාගන්න අපි කැමතීනෙ.ඉතින් මේ විදියට මේ දවස් වල කොත්තු  කඩෙන්නම් කන්න වෙන්නේ නෑ මෙකද අද වෙන කොට කොත්තුවත් කන්න හොදට අත මිට සල්ලි තියන කෙනෙක් වෙන්න ඔන ඉතින් මම මේ කියන්නේ පහසුවෙන් ලේසියෙන් කාටත් හිතෙන් වද විද විද ඉන්න ඔන නැති කොත්තු කෑමක් ගැනයි. මෙ තමයි කොස් කෙත්තු මෙන්න අපි බලමු දැන් මේ රසම රස කොත්තුව හදන්නේ කොහොමද කියලා.

  • පැහුණු ගෙඩියකින් ගලවාගත් කොස් මදුළු 
  • කෑලිමිරිස් සැර අනුව   
  • සුදුළූණු ටිකක්
  • ගසාගත් බිත්තර 1
  • චොප්කරගත් ලොකු ළූණු ගෙඩි 1
  • ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/4
  • හීනියට කපාගත් ලීක්ස් කොළ ටිකක්
  • රම්පේ හා කරපිංචා
  • ලුණු හා ගම්මිරිස්කුඩු
  • සෝයාසෝස් මේස හැඳි 2
  • පිසගත් චිකන් කෑලි 5-6ක්
  • කහ ස්වල්පයක්
  • චිකන් හොදි ටිකක්

මුලින්ම කොස් ටික සෝදලා කහ හා ලුණු ස්වල්පයක් දාලා අතගාලා ස්ටීමර් එකේ තම්බගන්න. බෙරි නොවී කෑලි වෙන් වෙන්ව තියාගන්නයි මෙහෙම තම්බගන්නෙ. ඉන්පසු පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු, ළූණු, රම්පේ හා කරපිංචා එකතු කරන්න. පසුව බිත්තරය දාලා හොඳට කලවම් කරගන්න. කැරට්, ලීක්ස්, සෝයාසෝස් ටික දාල කලවම් කරන් ඒකටම චිකන් ටික පොඩි කෑලි කඩල දාගන්න. දැන් කෑලිමිරිස් හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න. අන්තිමට කොස් කෑලි ටික දාලා කලවම් කරන ගමන් චිකන් හොදි ටිකකුත් දාගන්න. ලුණු රස බලලා අවශ්‍ය නම් එකතු කරගන්න.  


GalleryGalleryGallery