ප්‍රධාන නාලිකාවක සභාපති පුටුවට පොරයක්...සේවකයින් පැරණි කෙනාම ඉල්ලයි..
රජයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න මහතා පත් කරන ලෙස එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාවෙත ලිපි දෙකක් මඟින් ඉල්ලා ඇත.
සේවකයින් පවසන්නේ 2015 සිට මේ වන තෙක් ITN ආයතනයට සභාපතිවරුන් 8 දෙනෙකු පත් ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිමට හෙතුව බවයි.
නිරෝෂන් ප්‍රෙමරත්න මහතා සභාපතිවරයාව සිටි සමයේ ආයතනය ආදායම් වැඩිකර ගැනීමට හා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකස් කළ බව එම ලිපි දෙක මගින් පෙන්වා දී ඇත.
කෙසේ වුවද ITN නව සභාපති ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ මහතා පත්කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.
ඔහු ‘කින්ඩම් ඔෆ් රයිගම් සමාගම’ හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැළකෙයි.