තිළිණිගේ ව්‍යාපාරික සහකරු රිමාන්ඩ්
CID - Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
මූල්‍ය වංචා විත්තිකාරිනී තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරුවා බව කියන ඉසුරු බණ්ඩාර හෙට (19දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔහු අද කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඉසුරු බණ්ඩාර සඳුදා (ඔක්. 17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තිකෝ ගෲප් ඔෆ් කම්පැනීස් (පෞද්ගලික) සමාගමේ හිමිකරු මේ මස මුලදී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් කෝටි 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන චෝදනාව මතයි.
මේ අතර ප්‍රියමාලි සම්බන්ධ මූල්‍ය හෝ දේපළ ජාවාරම්වලට හසුවන ඕනෑම පුද්ගලයකුට ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |