උතුර,දකුණ සහ බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි..

Sri Lanka Politician Western Province Southern Province Department of Motor Vehicles
By Aruna Sep 26, 2023 04:03 AM GMT
Report

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එම නිසා ලබන 27 වෙනිදා සිට ඔක්තෝබර් 02 වෙනිදා දක්වා වාහන ආදායම් බලපත් නිකුත් නොකරනු ඇති.

සැප්තැම්බර් 26 වෙනිදා සිට කල්ඉකුත්වන වාහන ආදායම් බලපත් ඔක්තෝබර් 10 වෙනිදා දක්වා වලංගු වන බව ද දන්වා තිබේ.

මේ අතර,  www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියෙන් මාර්ගගතව වාහන ආදායම් බලපත්‍ ලබාගැනීම ද සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 06 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර, උතුරු මැද පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් තාවකාලිකව නතරකරන බව දැනුම් දෙනවා.

ඒ, අනුව හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී උතුරු මැද පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි දැනුම් දෙන්නේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දකුණු පළාතේ ද වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවට නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයන් පහතින්.

GalleryGallery