මෝටර් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ආරම්භ වන දිනය ගැන දැනුම් දෙයි.

Sri Lanka Department of Motor Vehicles
By Wayomi Sep 30, 2023 07:42 AM GMT
Report

දිවයිනේ පළාත් 8ක මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම ඔක්තෝබර් 3 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ, අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැඟෙනහිර, උතුර සහ ඌව පළාත්වල පළමුව මේ නව පද්ධතිය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම දිවයින පුරා සියලු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය සැප්තැම්බර් මස 27 සහ ඊයේ 2 දින දක්වා තාවකාලිකව නතර කර ඇති අතර මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබාගැනීමේ පහසුකමද 6 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කරනු ඇති.

මේ අතර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවලද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය නව්‍යකරණය කිරීමේ කටයුතු සිදු කර ඇත.