රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.

Driving Licence Department of Motor Vehicles
By Wayomi Nov 30, 2023 06:10 AM GMT
Report

ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසනවා.

ඒ, මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බැවිනි.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්. | Issuance Of Driving Licenses

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවයි.

කෙසේ වෙතත් මෙසේ ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර මාස 6ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ අතර මුදල් ලබා ගනිමින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව ද සඳහන්.