හදිසි තීරණයකින් ඊශ්‍රායලය රැකියා ලියාපදිංචිය නවතයි

Colombo Israel Latest Headlines Sinhala news NPP Government
By Shehan Jun 27, 2025 08:06 AM GMT
Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සඳහන් කරන පරිදි, ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ කටයුත්ත, අද (ජූනි 27) සිට ජූලි 01 දක්වා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, නොවැලක්විය හැකි හේතුවක් මත එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරන බව කාර්යාංශය වැඩිදුරටත් පවසයි.