ඊශ්‍රායලයට යාමට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුවත් කිරීමක්
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන පරිදි, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දිනවල පැමිණීමට නොහැකි වූ විදේශිකයන්ගේ RE-ENTRY වීසා කාලය දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ PIBA ආයතනය පියවර ගෙන ඇත.
තානාපතිවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සියලු ගුවන් සමාගම්වලට දැනුම් දී ඇති බවත්, ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් යළි ආරම්භ වූ පසු, මෙම පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව ඊශ්‍රායලයට පැමිණීමට හැකිවනු ඇති බවත්ය.
ඉන්දියානු රජය මඟින් සංවිධානය කර ඇති ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා යන ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ගමන් කිරීමට ලියාපදිංචි වී ඇත. මෙම ගුවන් යානය ජුනි 25 වන දින ගමන් ආරම්භ කිරීමට නියමිත බව තානාපතිවරයා පැවසී.
එසේම, ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට 20 දෙනෙකු තානානාපති කාර්යාලයෙන් ලියාපදිංචි වී සිටින බවත්, මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් පිරිස 05 දෙනෙකු බවත් තානාපතිවරයා සඳහන් කළේ.
අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ ගෙන ඇති පරිදි යි ඉරානය හා ඊශ්‍රායිල සම්පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බවට ප්‍රකාශ කළද, ඊශ්‍රායල් රජය මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
කෙසේ වෙතත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර යෝජිත සාම ගිවිසුම හේතුවෙන් ඊශ්‍රායලයේ දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවනු ඇති බව තානාපතිවරයා විශ්වාසය පළ කළේ.