කොළ කැඳ දිනපතාම බොන්න හොඳද? නැද්ද?

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 15, 2022 06:08 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොළ කැඳ කියන්නේ උදෑසනම පානය කළ හැකි ඖෂධීය පානයක්. කඩෙන් අරන් බොන මල ජරාවල් වලට වඩා ගොඩක් වටිනවා. හැබැයි කොළ කැඳ නිවසේදීම හදාගන්න පුළුවන් වුණත්, කොළ කැඳ වල පෝෂණය ආරක්ෂා වන විදිහට සාදාගන්න වග බලාගන්න ඕන.

කොළ කැඳ වලින් විජලනය පාලනය කිරීම, ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්නායු, හෝමෝන හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය විධිමත් කිරීම. වගේ ගොඩක් ප්‍රතිලාභ ඔබට ලැබෙනවා.

සාදා ගන්න ආකාරය

? කොළ යුෂ සමඟ ජලය මිශ්‍ර කරන විට එහි නියමිත අනුපාත ගැනත් සිතා බලන්න. සාමාන්‍යයෙන් කොළ කැඳ පානයක් පිළියෙල කිරීමේදී කොළ යුෂ කොටස් එකකට වතුර කොටස් 4ක් මිශ්‍ර කරනවා.

? නමුත් ඇතැම් අය වැඩි පෝෂණයට යැයි සිතා වතුර හා කොළ යුෂ 1:1 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් නම් කිසිදු වාසියක් අත් වෙන්නේ නැහැ. එමඟින් ආහාර ජීර්ණයටද අපහසුතා ඇති වන අතර. දිනකට එක් පුද්ගලයකුට කැඳ 200 ml ක් පමණ ප්‍රමාණවත්.


හැමදාම බොන්න එපා

? කරපිංචා, හාතවාරිය වැනි එක් වර්ගයක කොළවලින් සාදන කැඳ පාන දිනපතා පානය කරන්න හොඳ නැහැ. දිනපතා එකම කොළ වර්ගයකින් සෑදූ කැඳ පානය කරන විට සිරුරේ ප්‍රතිශක්තිය ටික ටික හීන වෙලා යනවා.

? ඒ හේතුවෙන් කොළ කැඳ දින හතරකට වරක් වෙනස් කොළ වර්ගවලින් පිළියෙල කරගන්න. එවිට ශරීරය තුළින්ම ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය කර ගන්නවා

? ඒ වගේම තමයි උදේ නැගිට්ට ගමන්ම කැඳ බොන්න හොඳ නැහැ. උදෑසන ආහාර ගැනීමට පැයකට පමණ පෙර කැඳ පානය කිරීමට හුරුවෙන්න. රතු ළූණු හා සුදු ළූණු මිශ්‍ර කැඳ පානයක් නම් කොලෙස්ටරෝල් හා අම්ල පිත්ත රෝගය වැනි රෝගවලටද ඉතාම ගුණදායකයි.


දහවල් ‍12ට පෙර

? විවිධ රෝගවලට ගුණදායක කොළ වර්ග හඳුනාගෙන කැඳ බොන්න පුළුවන්නම් වටිනවා. . ඔබේ රෝගයට ගුණදායක වන කොළ 50%ක්ද, කොළ වර්ග 3ක්ද එකතු කරගන්න.

? මේ අතර ඉඳහිට ලුණු කැඳ පානයක්ද සාදා ගන්න. ලුණු හා ජලය මිශ්‍ර කර සාදන මෙම පානයේ ලුණු තරමක් අඩංගු නමුත් උදෑසන ආහාරයට ලුණු එක්කර ගැනීම අහිතකර නොවේ. නමුත් දවල් 12න් පසු ලුණු මිශ්‍ර ආහාර ගැනීමෙන් ඈත් වෙන්න වන්න. කැඳ පානය කිරීමටද වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලයයි. වෙනත් ක්ෂණික පාන වර්ග වෙනුවට කොළ කැඳ වැනි දේශීය ඔෟෂධීය පානයක් නිවෙසේදීම සාදාගෙන රස විඳින්න ඔබටත් පුළුවන්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW