ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ දරුණු යුධ ගැටුම් ගැන ලංකාව දැඩි කනස්සල්ලෙන්.(PHOTOS)

United States of America Iran World
By Aruna Oct 08, 2023 03:28 AM GMT
Report

Update 

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

........................................................

ගාසා තීරයේ දරුණු සටනකින් 500කට ආසන්න පිරිසක් මරුට..විශාල පිරිසක් තුවාල ලබයි..හදිසි අනතුරු ඇඟවීමක්..(PHOTOS)

ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් කරන්නැයි ඊශ්‍රායලය විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊශ්‍රෘයලය ගාසා වැසියන්ට දැනුම් දී ඇත්තේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි.

ඊයේ දිනයේදී ද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර, ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සටන් කාමීන් අනපේක්ෂිත ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව ද 250 ඉක්මවා තිබෙන බවත්, තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දේශ සීමාව හරහා සිය රටට කඩා වැදුණු ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් සමූල ඝාතනය කර ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, දේශසීමා හරහා ඇතුලු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

මේ අතර, සිය රට ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම හමාස් සටන්කාමීන් විසින් භාර ගත යුතු බවත් ඔවුන්ට එහි ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටද දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් අමෙරිකාව පවසන්නේ ඊශ්‍රායලයට මෙව් මොහොතේ සහය පළ කරන බවයි. එවන් පසුබිමක් තුළ ඉරානය අවධාරණය කර තිබෙන්නේ, ගාසාහි හමාස් සටන් කාමීන්ට සහය දක්වන බවයි.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කළේ, ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා කිහිපයක්ම ඊශ්‍රායලය වෙත සිදු කරන සහ ඊශ්‍රායලයෙන් පිටතට සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

GalleryGalleryGalleryGalleryGalleryGallery