දැඩි ආරක්ෂාව මැද සෙව්වන්දිගේ මවගේ අවසන් කටයුතු අද

Law and Order Latest Headlines Ishara sewwandi Sinhala news SriLanka - Puwath
By Shehan Jul 15, 2025 06:51 AM GMT
Report

ගනේමුල්ල සංජීව නමැති ප්‍රබල අපරාධ කල්ලි නායකයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට පොලිසිය විසින් සොයමින් සිටින කටුවැල්ලේගම ඉෂාර සෙව්වන්දි නමැති සැකකාරිණියගේ මවගේ අවසන් කටයුතු අද (15) සිදු කිරීමට නියමිතය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ සෙව්වන්දිගේ මව සහ ඇයගේ සොහොයුරා පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. කෙසේ වෙතත්, ජූලි 11 වැනිදා සැකකාරිණියගේ මව හෘදයාබාධයක් හේතුවෙන් සිරමැදිරියේදී ජීවිතක්ෂයට පත් වූවාය.

ඊයේ (14) දහවල් වන විට, මියගිය සැකකාරිණියගේ දේහය ඇයගේ කටුවැල්ලේගම ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබුණි. ඊයේ සහ අද (15) යන දිනවලදී, දේහය තැන්පත් කර ඇති නිවසට සහ ආසන්න ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ බුද්ධි අංශවල ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වේ.

මෙම ආරක්ෂක විධිවිධාන, සැකකාරිණිය වන ඉෂාර සෙව්වන්දි සොයා ගැනීමේ පොලිස් මෙහෙයුම්වලට සමගාමීව සිදු කෙරේ.