එහා පැත්තෙන් ඉන්න ඕන මගේ තාත්තා නැතුව හරිම පාලුයි ඉංජිනේරු උපාධිය ගත් ඉෂාර තැබූ සංවේදී සටහන

Gossip ishara madushan
By Sithumi Mar 10, 2022 06:18 PM GMT
Report

දෙරණ නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීෂ් කියන්නේ තාරුණ්‍යයේ රසිකාවියන් බොහෝ ප්‍රිය කරන චරිතයක්. ඒ ඔහුගේ කඩවසම් පෙනුමත් තාත්වික රංගනයත් නිසයි. ඉතින් දෙවෙනි ඉනිමේ රදීශ් උනාට ඔහුගේ ඇත්තම නම ඉෂාර මධුෂාන්. ඔහු මුලින්ම රාවණා සීසන් 3 එකේ සාම්පති කියන චරිතයට පණ පෙවූ අතර ඉන්පසුව තමයි රදීෂ් කියන චරිතයට ඔහුට ආරාධනා ලැබෙන්නේ.

ඔහු ප්‍රථමයෙන්ම කරළියට පිවිසෙන්නේ 2019 වර්ෂයේ හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබීමත් සමගයි. ඉන් පෙර 2018 වර්ෂයේ දී itn අවුරුදු කුමරා තරඟයෙන් තෙවැනි ස්ථානය දිනා ගැනීමටත් ඔහු සමත් වනවා

. ඒ වගේම තමයි tik tok vedios හරහාත් music videos හරහාත් රසික ජනතාව වෙත ඔහු නිබඳවම සමීප වනවා. ඔබ අප කවුරුත් දන්නා පරිදි ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි ඉංජිනේරුවෙක් විදිහට උපාධිය හදාරන ලැබුවා.

ඒ වගේම තමයි ඔහු ව්‍යාපාර අංශයෙන් ද ටියුෂන් ගුරුවරයෙක් ලෙස ද ඔහුගේ වෘත්තීමය පැතිකඩ දියුණු කරගත් ආදර්ශමත් තරුණයෙක්. ඔහුගේ සැබෑ ජීවිතයේදී ඔහුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම සිටිනවා. නමුත් ඔහුගේ පියා මේ වන විට මෙලොවින් සදහටම සමු අරන් ඉවරයි. නමුත් පියා නැති අඩුව දැනෙන්නට නොදෙමින් ඔහුගේ සෙවණැල්ල මෙන් සවියක් වූයේ ආදරණීය මවයි . පසුගිය දිනකදී ඉෂාර ඉංජිනේරුවෙක් වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අතර එහිදී ඡායාරූපයක් සමඟ ඉතාම සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කරලා තිබුණා. ඒ තමයි, 

“ඔන්න මගේ අහිංසක අම්මා…එහා පැත්තෙන් ඉන්න ඕන මගේ තාත්තා නැතුව හරිම පාලුයි ! එයාට මම මෙහෙම ඉන්නවා දකින්න බැරි වුනා ඉතින් ! සියල්ලෙහි නිහඩ උරුමක්කාරයො! මම ලංකාවේ අහිංසක දරුවන්ට DP Education හරහා නොමිලේ උගන්වන අකුරක් ගානේ මාව බිහි කරපු මගේ අම්මටයි තාත්තටයි පින් හම්බෙනවනම් ඒ ඇති මට “ මේ විදිහට තමයි ඔහු සටහන් කරලා තිබුණේ.

ඉතින් ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම ඔහු සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery