සුරූපී බොලිවූඩ් නිළි katrina kaif මවක් වෙන්න සූදානමින්? (VIDEO)

Bollywood Katrina Kaif
By Wayomi May 03, 2023 02:55 AM GMT
Report

katrina kaif කියන්නේ බොලිවූඩ්වල ඉන්න ලස්සන, වගේම දක්ෂතා වලින් පිරුණු රංගන ශිල්පිනියක් .ඉතින් මේ රංගන ශිල්පිය බොලිවූඩ් වල තමන්ටම කියලා නමක් හදාගත්තු නිලියක් කියල කිව්වනම් හරි .

මේ සුරූපී නිළිය 2021 වසරේ දෙසැම්බර් 9 සුපිරි බොලිවූඩ් නළු vicky kaushal එක්ක විවාහ ජීවිතයට එළඹෙනවා .ඊටපස්සේ මේ දෙන්නා ගැන හුගාක් කටකතා පැතිරුනා. මේ දෙන්න ගැන හුගාක් විදිහේ කටකතා ආවත් මේ දෙන්නා ඒ කිසිම දෙයකට පිළිතුරු දුන්නේ නැහැ.

ඉතින් ඒවගේ තවත් කට කතාවක් දැන් ආයෙත් මතුවෙලා තියෙනවා , මොකක්ද ඒ කටකතාව ? katrina අම්ම කෙනෙක් වෙන්න යනවද ?

මෙන්න මේවගේ දැන් සමාජ මාධ්‍ය පුරා ලොකු කටකතාවක් පැතිරිලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ, පසුගිය දවස් වල සුපිරි බොලිවූඩ් තරු සල්මාන් ඛාන් ගේ සහෝදරිය විසින් පවත්වපු උත්සවයකට katrina සහභාගී වෙලා තියෙනවා, ඉතින් සිහින් ලස්සන සිරුරක් maintain කරපු katrina මේ දවස් වල නම් මහත් වෙලා, චුට්ටක් විතර බඩත් ඇවිල්ලා කියලා තමයි ගොඩක් දෙනෙක් දැකලා තිබ්බේ .

katrina ගේ මේ වෙනස දැකලා එතන හිටපු මාධ්‍යවේදීන් නම් කියන්නේ katrina අම්මෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි . හැබැයි ඉතින් මාධ්‍යකරුවන්මාධ්‍යවේදීන් එහෙම කිව්වත් katrina නම් තාම ඒ ගැන මොකුත් කියලා නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW