බබාට බටර් සහ මාගරින් ලබාදීම සුදුසු ද? නැද්ද?

By Wayomi Oct 26, 2022 01:09 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මව්කිරි වල අධික මේද ලෙස මේදය අඩංගු වෙනවා. එයින් 4% ක් පමණ වන අතර DHA සහ AA වැනි ඔමේගා 3 මේද වලින් සමන්විතයි. බබාගේ ශාරීරික සංවර්ධනය සඳහා මේදය අත්‍යවශ්‍ය සංඝටකයක්.

බබාට මේද ලබා දිය හැකි ආකාර

පොල් තෙල්

? පොල්තෙල්වල මධ්‍යම දාම මේද අම්ල විශාල ප්‍රමාණයක් ඇත. එහි ලෝරික් අම්ල වලින් බහුලව ඇති අතර එය ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව වැඩි කරයි.

ඔලිව් තෙල්

? ඔලිව් තෙල් වල අධික මොනොසැටරේටඩ් මේද මෙන්ම මව්කිරි වල අඩංගු මේද අම්ල අඩංගු වෙනවා.

? එය ඔබේ දරුවාගේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා. A , B , C , D , E සහ K වැනි වැදගත් විටමින් වර්ග කිහිපයක් ද එහි අඩංගුයි.

බටර්

? බටර් ඉතා පෝෂ්‍යදායී වන අතර අවශ්‍ය මේදය හා කොලෙස්ටරෝල් මෙන්ම විටමින් A , C සහ අත්‍යවශ්‍ය මේද අම්ල සපයයි.

* බබාට මාගරින් ලබා දීමෙන් වළකින්න

? මාගරින් සකස් කරනුයේ රසායනික ක්‍රියාවලියක් හරහා වන අතර එහි ට්‍රාන්ස් මේද අම්ල, කල් තබා ගන්නා ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය බහුලව අඩංගු වෙනවා.   


වැඩිහිටියන්ටත් මාගරින් අගුණයි.

? බටර් 100% සත්ව මේදය වන අතර එහි සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් අධිකයි.

? මේ දෙකම විශාල වශයෙන් ආහාරයට ගන්නා විට වැඩිහිටියන් තුල හෘද රෝග හා ආඝාතය ඇතිවීමට අවදානම් සහිතයි.

? ඝන මාගරින් තීරු වල සංතෘප්ත හා ට්‍රාන්ස් මේද වලින් පිරී පවතිනවා.

? මේ අතරින් ට්‍රාන්ස් මේදය හෘදය ලෙඩ කරනවා පමණක් නොව ඔබ තුල ස්ථුලතාවයද ඇති කරයි.

? පෝෂ්‍ය පදාර්ථ එකතු කරන ලද, සෝඩියම් අඩු මෘදු මාගරින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන අතර එය හදවත වඩාත් සෞඛ්‍ය සම්පන්න කරයි.

? බටර් හෝ මාගරින් (දිනකට 2-3 හැදි) ආහාරයට ගැනීම සුදුසු වෙනවා.


වැදගත්,

? බබාගේ කෑම අවුන්ස 2 කට ග්‍රෑම් නම් 60 කට පමණ තෙල් හෝ බටර් තේ හැදි ½ හෝ තේ හැදි 1 ක් එකතු කරන්න පුළුවන්.

? තෙල් දමා බදින ලද ආහාර බබාට නිර්දේශ නොකරන බැවින්, බබාගේ ආහාර ආහාර තම්බා එයට තෙල් හෝ බටර් එකතු කරන්න පුළුවන්.

? බබාට ඝන ආහාර ලබා දීම ආරම්භයත් සමගම ඔවුන්ගේ ළදරු මේදය ඉවත් වෙනවා. ඒ වගේම ඔවුන් දුව පනින්න ගැනීමත් සමගම මේදය දහනය වෙනවා.

? නමුත් ටිකක් ලොකු බබෙකුගේ එකවරම බර වැඩි වුණොත් කුමක් හෝ ගැටළුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වේලාවට බබාගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න.

? අලිගැට පේර ,පූර්ණ මේද සහිත චීස්, යෝගට් වැනි සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු වෙනත් ආහාර බබාට ලබදෙන්න පුළුවන්.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW