ආයෙත් තෙල් හිඟයක් අත ළඟද? දින 53ක් නැව එක තැන.

Sri Lanka Fuel Crisis
By Wayomi Nov 04, 2022 12:00 PM GMT
Report

දින 53 ක් තිස්සේ දිවයිනට ළඟා වූ බොර තෙල් නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබෙනවා.

මෙම බොර තෙල් නෞකාව හිමි සමාගමෙන් මින් පෙර මිලදී ගත් බවත්, ඊට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මෙලෙස නැංගුරම් ලා ඇති බවත් වාර්තා වෙනවා.

එමෙන්ම මෙම නෞකාවේ තොග ගොඩබෑමට නම් මීට ‍පෙර ලබා ගත් බොර තෙල් නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් සොයා ගැනීමට අපහසු වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW