අක්‍රමවත් වූ ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්න හැටි.

Healthy Food Recipes
By Wayomi May 26, 2022 10:29 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔසප් චක්‍රය අක්‍රමවත් ගොඩක් කාන්තාවන් මුහන් දෙන ගැටළුවක්. සාමාන්‍යයෙන් පීරියඩ්ස් හැදෙන්නෙ දවස 28- 35 අතර දින ගානකට පස්සේ. හැබැයි එහෙම නොවී දින ගන්න අඩු වැඩි වීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ හෝර්මෝන අසමතුලිත වීම නිසා හෝ ඔබ වෙනත් රෝගයකින් පෙළෙන නිසා වෙන්න පුළුවන්. ඒත් ඊට බලපෑ හැකි වෙනත් හේතූන්ද තිබිය හැකියි.

ඔසප් කාලය අක්‍රමවත් කරන හේතු

පොලිකාස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය. මේ තත්වය නිසා ඩිම්බ කෝෂ වල දිනපතා ඩිම්බ මුද හරින්නේ නැහැ.

තයිරොයිඩ් - තයිරොයිඩ් හෝර්මෝනය අඩුවෙන් හෝ ප්‍රමාණයට වඩා වැඩියෙන් ස්‍රාවය වීම නිසාත් මේ තත්වය ඇති වෙන්නවා.

ආතතිය - මොළයේ තිබෙන ග්‍රන්ති මගින් ඔසප් චක්‍රය පාලනය කරන අතර ඔබ ආතතියකින් හෝ පීඩනයකින් නම් මේක වෙනස් වෙන්න පුළුවන්.

මව්කිරිදීම - ඔබ මව් කිරි දෙන මවක් නම් ඒ කාලයේදී ඔබේ ගර්භාශයේ හෝර්මෝන නිපදවීම සීමා සහිතයි.

එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් - මෙහිදී ගර්භාශයෙන් පිට පටක වර්ධනය වීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. 


ඔසප් චක්‍රය අක්‍රමවත් වූ දැන ගන්නේ කොහොමද?

- සාමාන්‍ය දින ගණන 28ක් වුණත් ඔබට ඊට කලින් හෝ දින පහුවෙලා හැදෙන්න පුළුවන්. අදාළ මාසයේම නොවුණත් ඊළඟ මාසයේ මුල, හෝ මැද හැදෙන්නත් පුළුවනි.

- ලේ පිටවීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

- period කාලය සාමාන්‍ය දින ගණනට වඩා අඩු හෝ වැඩි වීම. සතියක් වෙන්නත් පුළුවන්.  


ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්නේ කොහොමද?

- ශරීරයේ නිරෝගී බව රැක ගන්න එළවලු, පළතුරු වැඩිපුර ආහාරයට ගන්න.

- දවසට දෙපාරක් තුන්පාරක් කොත්තමල්ලි තම්බලා බොන්න

- දිනපතා ව්‍යායාම වල යෙදෙන්න

- මානසික ආතතිය අවම කර සහ මානසික සුවතාවය වැඩි කරගන්න.

- සිරුර සජලීයව තියාගන්න හොඳින් වතුර බොන්න.

- දිගින් දිගටම ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඔබට දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.