මෙවර අයි.පී.එල්. සටනට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36ක් වෙන්දේසියට..
2022 අයි.පී.එල්. තරඟාවලිය මාර්තු 27 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයේ රැස්වීමක් ඊයේ (22) පැවති අතර, එහිදී තීරණය වී ඇත්තේ තරඟාවලිය මාර්තු මාසයේ අග භාගයේ පැවැත්වීමටයි.
තරගාවලිය ඉන්දියාවේ පවත්වන්නේ නම්, මුම්බායි නුවරට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවට එහිදී යෝජනා වී ඇති අතර, දෙවන විකල්පය වන්නේ අහමදාබාද් නුවරයි.
කොරෝනා වසංගත තත්ත්වය මාර්තු මාසය වනවිට පාලනය නොවුනහොත් දකුණු අප්‍රිකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙවර අයි.පී.එල්. තරඟාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ නමුත්, ඒ පිළිබඳ අවසන් තීරණය පෙබරවාරි 20 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මේ අතර, මෙවර අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 වැනිදා සහ 13 වැනිදා බෙංගලූරු හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා විදේශීය ක්‍ර්‍රීඩකයින් 318 ක් ඇතුළු ක්‍රීඩකයින් 1214 ක් ලියාපදිංචි වී ඇති අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 36 දෙනෙකුද ඊට ඇතුළත්.
පසුගිය අයි.පී.එල්. තරගාවලියේ දෙවන අදියර සඳහා දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග බැංගලෝර් පිල නියෝජනය කිරීම සඳහා තෝරා ගැනුණා.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටියේ ලන්සුව සහිත ක්‍රීඩකයින් අතරට වනිඳු හසරංග ද ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |