මුම්බායි පිල පාණ්ඩ්‍යාව ගුජරාට් පිලෙන් මිලදී ගැනීමට වියදම් කරපු මුදල
ක්‍රි බස් වෙබ් අඩවිය වාර්තා කරනනේ 2024 අයි.පී.එල් වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් මුදා හැරීමේ සහ රඳවා ගැනීමේ අවසන් දිනය වන අද (26) දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි.
මේ අතර අද (26) පෙරවරුවේ අවසන් වූ ක්‍රීඩකයින් මුදාහැරීමේ සහ රඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී හර්දික් පාණ්ඩ්‍ය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ රැඳී සිටින බවයි අනාවරණය වුණේ.
හර්දික් පාණ්ඩ්‍යගේ ලීග් ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 15ක් වන බවත් නමුත් තවම මෙම විශාල ගනුදෙනුවේ වටිනාකම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.
කෙසේ වෙතත් මේ වන විට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්යව ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් සිය කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගෙන ඇති බවට ක්‍රීක්බස් වෙබ් අඩවිය වාර්තා කරයි.