වනිදුට වාර්ථාගත මිලක් නියම වෙයි.. මහීෂ්, භානුක ඇතුළු ක්‍රීඩකයින්ට සුපිරි ලන්සු..

Cricket Sri Lanka Board of Control for Cricket in India Wanindu Hasaranga
By Sewvandhi Dec 23, 2022 12:50 PM GMT
Report

අද පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නට එම කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තීරණය කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ හැත්තෑවකටත්, ශ්‍රී ලංකා තරුණ වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණව ඉන්දීය රුපියල් ලක්ෂ 20කටත් තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කළේ පසුගිය තරග වාරයේ දී ඔවුන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙනයි.

ඊට අමතරව පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂව ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලදී ගෙන තිබෙනවා. 

 මීට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ පනහකට මූලික ලංසුව තබා තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් වෙන්දේසියෙ පළමු දිනයේ දී අලෙවි නොවූ අතර ඉන්දීය රුපියල් කෝටියකට මූලික ලංසුව තබා තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රෙස් ෂම්සී, ඉන්දීය රුපියල් කෝටි දෙකකට මූලික ලංසුව තබා තිබූ තවත් දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන රිලී රූසෝ,

ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට මූලික ලංසු තබා තිබූ පන්දුවාර 20 තුන්ඉරියව් ක්‍රීඩකයින් වර්ග කිරීමේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ සිටින බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන්, ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක ඇඩම් සම්පා, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝඩන් සහ නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ වෙන්දේසි පළමු දිනයේ දී අලෙවි නොවූ කැපීපෙනෙන ක්‍රීඩකයින් අතර පසු වුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now