ලොවක් බලා සිටි IPL තරඟයට ඊයේ සිදු වූ දේ මෙන්න.

MS Dhoni Chennai Super Kings Gujarat Titans Indian Cricket Team IPL 2023
By Aruna May 28, 2023 11:46 PM GMT
Report

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන IPL තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ දිනයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඉන්දියාවේ අහමදාබාද්හිදී ඊයේ(28) පැවැත්වීමට සැලසුම් කර තිබුණු අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබුණා.

දින 58ක කාලයක් ඉන්දියාවේ නගර 12ක් ක්‍රේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙවර IPL තරගාවලියේ කුඨ ප්‍රාප්තිය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මොදී ක්‍රීඩාංගණයේදී සනිටුහන් වීමට නියමිතව තිබුණේ, එක් ලක්ෂ 32,000කට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිෛිසක් ඉදිරිපිටයි.

කොවිඩ් අවදානමින් අනතුරුව ඉන්දියාවේදී වසර 3කට පසු පැවති උත්කර්ෂවත්ම IPL තරගාවලිය මෙය බවට පත්වෙද්දී,මෙවර තරගාවලියේ ශූරතාව සොයා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන්නට සූදානමින් පසුවුණා.

මෙරට වේලාවෙන් තරගය රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත්, නරේන්ද්‍ර මොදී ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය පමා වුණා.

ඒ අතරවාරයේ ඊයේ තරගය පවත්වන්නට නොහැකිවීමෙන් අමතර දිනයක් ලෙස අද වෙන් කරන්නටත් තරග සංවිධායකින් විසින් පියවර ගත්තා.

ඒ අනුව අවසන් මහා තරගය අද දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි තරඟ සංවිධායකයින් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now