Ipl අවසන් මහා තරගයට තේරිපත් වුණු කණ්ඩායම මෙන්න
ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද (23) සමත්ව වී තිබෙනවා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින් වන අතර තරගයේ කාසියේ වාසිය දිනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 172ක් රැස්කර ගත්අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Ruturaj Gaikwad ලකුණු 60ක් රැස් කළ අතර Devon Conway ලකුණු 40ක් රැස් කළා.
පන්දු යැවීමේදී Mohit Sharma සහ Mohammed Shami කඩුලු 2ක් බැගින් දවාගත්‍තා. ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 157ක් පමණයි.
කෙසේවෙතත් අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් පරාජයට පත්වු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවී තිබෙනවා.