Lanka IOC සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි..නව මිල ගණන් මෙතනින් දැනගන්න.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව, විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග, ලංකා අයි.ඕ.සී. සමාගම සහ සිනෝපෙක් සමාග ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව එම සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට සමානව වෙළඳපොළේ ඉන්ධන අලෙවි කරන බවයි දැනුම්දී ඇත්තේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ සංශෝධනයක් කරනු ලැබුවේ අඛණ්ඩව මාසිකව සිදු කරන ඉන්ධන මිල ගණන් සංශෝධනයයි.
එම මිල සංශෝධනයට අදාලව වෙළඳපොලේ ඉන්ධන අලෙවි වන්නේ පහත මිල ගණන් යටතේ ය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426.00
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434.00
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 329.00
භූමිතෙල් ලීටරයක් රුපියල් 247.00
මිල ගණන් අඩු වැඩි වූ ආකාරය පහත ලේඛනයෙන් බලන්න,