බීමතින් අහසට වෙඩි තිබ්බ රාජ්‍ය ඇමති කවුද?.. වෙඩි ප්‍රහාර තුනක්ම අහසට තියලා..
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Police Investigation
Gun Shooting
By krishani
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති සිද්ධියක් වාර්තා වේ.
මෙලෙස අහසට වෙඩි තබා ඇත්තේ ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් ය.
අදාළ රාජ්‍ය අමාත්‍යවරයා එලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ඒ අනුව වෙඩි ප්‍රහාර තුනක් අහස දෙසට එල්ලකර ඇත්තේ අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට පැමිණිමෙන් ය.
කෙසේ වෙතත්, ඊයේ (05) රාත්‍රියේ මෙම සිදුවීම සිදු වූ ඇති බව වාර්තා වන්නේ.
මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් උසස් නිලධාරීන්ව ද දැනුම්වත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.