විභාග මධ්‍යස්ථානයක දි පාසල් සිසුවියකට වූ අතවරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.. (PHOTO)

Sri Lanka Police Ministry of Education Sri Lanka
By krishani May 31, 2022 10:04 AM GMT
Report

මැයි 25 වැනි දින හි‍ඳෝගම පාසල් විභාග මධ්‍යස්ථානයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුවියකට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකයෙකු විසින් අතවර කිරීමක් සම්බන්ධයෙන් වාර්තා පළවීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙයි.

ඒ ගැන වහාම පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා‍ දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

හි‍ඳෝගම පොලිසිය විසින් නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ ගැන නිවේදනයක් ද නිකුත් කර ඇත.

Gallery