මාර්ගගත පනත ගැන ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑමක්..

Facebook Parliament of Sri Lanka Sri Lanka Social Media Social Media
By Aruna Feb 03, 2024 03:02 AM GMT
Report

සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටිනවා.

සිවිල් සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු‍ විසඳීමේ දී මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවටයි, එම කවුන්සිලය පෙන්වා දෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මුල් පනතේ තිබූ වගන්ති රැසක් කථානායකවරයා විසින් අත්සන් තබන ලද පනතින් ඉවත් කර ඇත.

එම පනත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන්ව තිබේ.

මුල් කෙටුම්පතේ සඳහන් වුණේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ හැකි බවයි.

එහෙත් සංශෝධිත පනතේ දැක්වෙන්නේ කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කරන තැනැත්තන් පස්දෙනෙකුගේ නම් අනුමැතිය සදහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ යුතු අතර ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු දින 14ක කාලසීමාවක් තුළ ඔවුන් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කළ යුතු බවයි.

යම් නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කළහොත් එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් අලු‍ත් නාමයෝජනාවක් ඉදිරිපත් කළ යුතු අතර එයද පෙර පරිදිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බවයි අදාල පනතේ සඳහන් වන්නේ.

මීට අමතරව සන්නිවේදනයට අදාළ සේවා සපයන්නන්ගේ වගකීම් යටතේ සංශෝධිත පනත මගින් ඇතැම් තත්ත්වයන් තුළදී අන්තර්ජාල සේවා සපයන්නන් වගකීමෙන් නිදහස් කර ඇත.

Sponsored By Sarrita Jewellery

මාර්ගගත පනත ගැන ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑමක්.. | International Influences On The Online Act