අපේ රටේ අවුරුදු 03ක පුංචි දැරියගෙන් ජාත්‍යන්තර වාර්තාවක් - (PHOTOS)

Nuwara Eliya Sri Lanka
By Sewvandhi Jul 24, 2023 12:51 PM GMT
Report

හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි සෙන්තුල් කුමාර් භවිෂනා නම් අවුරුදු 03ක පුංචි දැරියක් විසින් ජාත්‍යන්තර වාර්තාවක් තබා තිබෙනවා.

ඒ ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩි01යි තත්පර 06කින් හදුන්වා දීමෙනි.

ඉකුත් අප්‍රේල් මස 06වැනිදා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන Intenational Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉදිරිපත්ව තිබෙන අතර එහිදී ඇය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩි01යි තත්පර 06 ක් වැනි ඉතා කෙටි කාලයකදී නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා පවසනවා.

මෙම වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි දැරියගේ පියා වැඩිදුරටත් පැවසුවා.

GalleryGallery